Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 48:4 - Sinhala Revised Old Version

4 බලව, මම නුඹ සඵලකොට වැඩිකරන්නෙමි, නුඹෙන් ජාති සමූහයක් ඇතිකරවා, මේ දේශය නුඹෙන් පසු නුඹේ වංශයට සදාකාල උරුමයක් පිණිස දෙන්නෙමියි මට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 48:4
20 හුවමාරු යොමු  

නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.


තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;


මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ සඵලව බොහෝසේ වැඩි වෙමින් බෝවී අතිශයින් බලවත්වූවෝය; දේශය ඔවුන්ගෙන් පිරුණේය.


ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.


එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී නුඹ මහත් ජාතියක් කරන්නෙමි.


ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.


සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ නුඹට ආශීර්වාදකර නුඹ සෙනඟ රාශියක් වන පිණිස නුඹ සඵලකොට නුඹ වැඩිකරනසේක්වා;


ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින්


මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;


නුඹේ ගෙයි උපන් තැනැත්තාද නුඹ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මඡේද්‍යයකරනු ලබන්ටම ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංසයෙහි පවත්නේය.


මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.


එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.


මම නුඹලා සලකා බෝකොට වැඩිකරන්නෙමි; මාගේ ගිවිසුම නුඹලා සමඟ පිහිටුවන්නෙමි.


බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.


මම නුඹ අතිශයින් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද නුඹෙන් නික්මෙන්නෝය.


මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්