Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 37:21 - Sinhala Revised Old Version

21 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 37:21
34 හුවමාරු යොමු  

එසේය, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි.


මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන් උතුරු දේශයෙන්ද උන්වහන්සේ ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා කියන දවස් පැමිණෙන්නේය. මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි


ඔවුන් කිසිවෙකුගෙන් භයක් නොලැබ, තමුන්ගේ රටෙහි සුවසේ වාසයකරන විට, ඔවුන් තමුන්ගේ ලජ්ජාවත් ඔවුන් මට විරුද්ධව කළාවූ තමුන්ගේ සියලු ද්‍රෝහිකමුත් සිහිනැතිකරනවා ඇත.


මම ජනයන් අතරෙන් උන් පිටතට පමුණුවා, දේශවලින් උන් රැස්කර, උන්ගේම රටට උන් ගෙනවුත්, ඉශ්‍රායෙල් කඳුවලද දෙණිවලද දේශයේ සියලු වාසස්ථානවලද උන් පෝෂ්‍යකරන්නෙමි.


ඉශ්‍රායෙල් නැවත ඔහුගේ තෘණ බිමට ගෙනෙන්නෙමි, එවිට ඔහු කර්මෙල්හිද බාෂාන්හිද පෝෂ්‍යවෙනවා ඇත, එප්‍රායිම් හෙල් පිටද ගිලියද්හිද ඔහුගේ ප්‍රාණය තෘප්තියට පැමිණෙන්නේය.


බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.


මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.


බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.


නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


ඒ නිසා: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, නුඹ භය නොවන්න; ඉශ්‍රායෙල්, නොකැලඹෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටිනවා ඇත.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


මම නුඹලා පිට මනුෂ්‍යයන්, එනම් මුළු ඉශ්‍රායෙල් වංශයම, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත.


නුඹ විසින් ලිවීමක් කරන ලී ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබෙද්දී:


බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.


යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.


ඒ කාලයේදී මම කොරගසගසා යන්නන් රැස්කර, පන්නාදමනු ලැබූවන්ද මා විසින් විපත්තියට පැමිණවූ අයද එකතුකරන්නෙමි;


එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය.


මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුවෙහි නුඹලාගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ හඬ ඇඬීමෙන්ද නුඹේ ඇස් කඳුළුවලින්ද වලක්වාගන්න. මක්නිසාද නුඹේ ක්‍රියාවට විපාක ලැබෙන්නේය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරීඑනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් තිබේ; නුඹේ දරුවෝ තමුන්ගේ සීමාවට හැරීඑන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්