ඉතින් අප මාලිගාවේ ලුණු කමින් සිටියදී රජ්ජුරුවන්ට අලාභ පැමිණෙනවා බලා ඉදීම අපට නුසුදුසු බැවින් ඔබගේ පියවරුන්ගේ ලේකම් පොත විභාගකරන පිණිස රජ්ජුරුවන්ට දන්වා එවීමුව.
එසකියෙල් 33:31 - Sinhala Revised Old Version එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය. Sinhala New Revised Version එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති. Sinhala New Revised Version 2018 එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති. |
ඉතින් අප මාලිගාවේ ලුණු කමින් සිටියදී රජ්ජුරුවන්ට අලාභ පැමිණෙනවා බලා ඉදීම අපට නුසුදුසු බැවින් ඔබගේ පියවරුන්ගේ ලේකම් පොත විභාගකරන පිණිස රජ්ජුරුවන්ට දන්වා එවීමුව.
එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණපිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
ඔබ ඔවුන් හිටෙවුසේක; ඔව්හු මුල් ඇද වැඩි ඵලදෙති; ඔව්හු කටින් ඔබට ළංව සිටින නුමුත් සිතින් ඔබගෙන් දුරුව සිටිති.
මම අද නුඹලාට දැන්වීමි; එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටවත් උන්වහන්සේ මා ලවා නුඹලාට කියා එවූ කිසිවකටවත් නුඹලා කීකරුවුණේ නැත.
එබැවින් බලව, නුඹ ලබාගත් අයුතු ලාභ ගැනත් නුඹ ඇතුළෙහිවූ නුඹේ ලේ වැගිරීම් ගැනත් මාගේ අත් එකට ගසාගතිමි.
එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය.
තවද හවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පස්වෙනිදා මා මාගේ ගෙදරද, යූදාහි වැඩිමහල්ලන් මා ඉදිරියෙහිද හිඳගනඋන් කල, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ හස්තය එහිදී මා පිටට පැමුණුණේය.
කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය.
නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය.
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.
ඈට මරියා නම් සහෝදරියෙක් සිටියාය; ඈ ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය.
උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන්වහන්සේගේ වචනය අසා පිළිපදින්නාවූ මොව්හුයයි වදාළසේක.
එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.
මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.