Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 42:20 - Sinhala Revised Old Version

20 නුඹ බොහෝදේ දකින නුමුත් නොසලකන්නෙහිය; ඔහුගේ කන් ඇරී තිබෙද්දීත් ඔහු අසන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 42:20
20 හුවමාරු යොමු  

අනිකෙකුට උගන්වන්නාවූ නුඹ නුඹටම උගන්වා ගන්නේ නැද්ද? සොරකම් නොකළ යුතුයයි දේශනාකරන්නාවූ නුඹ සොරකම්කරනවාද?


එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.


අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති.


ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.


ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.


නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන්ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.


නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, නුඹේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.


මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,


එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි.


උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.


නුඹ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි. මක්නිසාද ඔව්හු නුඹේ වචන අසති, නුමුත් ඒවා නොපවත්වා සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්