Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 28:13 - Sinhala Revised Old Version

13 එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණපිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය. ඔබ තුවාළ ලබන්නහු ය; මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය. ඔබ තුවාළ ලබන්නහු ය; මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 28:13
14 හුවමාරු යොමු  

තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්: ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නහුය.


එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.


මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක.


මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.


ඔවුන්ගේ මේසය ඔවුන් ඉදිරියෙහි මලපතක් වේවා; ඔවුන්ට සමාදානය ඇති කල එය උගුලක්ද වේවා.


එක පක්ෂයකට මරණය පිණිස මරණයේ සුවඳක්ය; අනික් පක්ෂයට ජීවනය පිණිස ජීවනයේ සුවඳක්ය. ඉතින් මේ දේවලට සමර්ථ කවුද?


තවද දාවිත් කථාකොට: ඔවුන්ගේ මේසය ඔවුන්ට මලපතක් හා උගුලක්ද බාධාවක් හා විපාකයක්ද කරනු ලැබේවා.


එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.


මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.


අන්ධයන් මෙන් අපි භිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්