යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, නුඹ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද?
එසකියෙල් 32:2 - Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න–නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය. Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය. |
යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, නුඹ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද?
දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ, තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද?
සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.
මිසරය නයිල් ගංගාව මෙන් ගලයි, එහි ජලධාරාවෝ ගංගාවල මෙන් රැළ ගසති. මම නැගී ගොස් දේශය වසාගෙන නුවරවල්ද එහි වැසියන්ද විනාශකරන්නෙමියි ඔහු කියන්නේය.
ඔව්හු ඉක්මන්කොට, අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත් අපේ ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වත්වා.
ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.
ඔවුන්ගේ ළතෝනියේදී ඔවුන් නුඹ ගැන විලාපයක් පවත්වා, නුඹ ගැන මෙසේ විලාප කියනවා ඇත: මුහුද මැදදී නිශ්ශබ්දභාවයට පත්වූ තීර්ට සමාන කවුද?
මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින්–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය.
ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.
නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.
මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ සමූහයා ගැන විලාපයක් කියා, ඔවුන් සහ බලවත් ජාතීන්ගේ දූවරුන්ද මිනීවළට බසින්නන් සමඟ පොළොවේ පහත් තැන්වලට හෙළන්න.
නුඹලා හොඳ තෘණ කා, නුඹලාගේ තෘණවලින් ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් පාගාදමන එකත් පැහැදුණු වතුර බී ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් කිලුටුකරන එකත් නුඹලාට සුළු දෙයක්ව පෙනේද?
ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිෂ්හි වෙළෙන්දෝද එහි සියලු තරුණ සිංහයෝද නුඹට කථාකොට: නුඹ කොල්ලකන්ට ආයෙහිද? නුඹේ සේනාව නුඹ රැස්කරගත්තේ සම්පත් උදුරාගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන්ද සම්පත්ද අල්ලා, බොහෝ කොල්ල ලබාගන යන පිණිසදැයි අසන්නාහුය.
ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය; ඔහු නැඟුටුවන්නේ කවුද? නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි කීවේය.
එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.