Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 26:17 - Sinhala Revised Old Version

17 ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 26:17
27 හුවමාරු යොමු  

දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!


නුඹ වනාහි ඉශ්‍රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්න:


මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න–නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.


ඇගේ අතුවල දඬුවලින් ගිනි නික්ම ඇගේ ඵල දවාදැමුවේය, එහෙයින් ආණ්ඩුකිරීමට ජයකොන්තයක් පිණිස ඈට සවි ඇති කිසි දණ්ඩක් නැත. මේක විලාපයක්ය, විලාපයක් පිණිස වන්නේයයි කීය.


එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුදු, එනම් මුහුද බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය.


ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.


ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසුවූ ළතෝනියකින් ළතෝනි කියමින්ද: අපි සහමුලින්ම නාස්තිවුණෙමුව. උන්වහන්සේ මාගේ සෙනඟගේ කොටස මාරුකරනසේක. ඒක මාගෙන් පහකරන හැටි! කැරළිකාරයන්ට උන්වහන්සේ අපේ කෙත් බෙදාදෙනසේකැයි කියනවා ඇත.


අහෝ නුඹ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් නුඹ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?


සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය.


සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!


එහෙත් ස්ත්‍රිවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න, උන්වහන්සේගේ මුඛයේ වචනය නුඹලාගේ කන්වල වැටේවා, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමද එකිනෙකා තම තමාගේ අසල්වාසි ස්ත්‍රියට විලාපකීමද උගන්වන්න.


යෙරුසලම, නුඹේ හිසකේ කපා අහක දමා, මුඩු කඳු උඩ විලාපයක් පවත්වන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ව උදහස් කළ පරම්පරාව එපාකර අත්හැරියසේක.


මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත.


ඔටුනු පළඳ වන නුවරවූ තීර්ට විරුද්ධව මේක යෝජනාකළේ කවුද? ඇගේ වෙළෙන්දෝ අධිපතියෝය, ඇගේ ගනුදෙනුකාරයෝ පොළොවේ නම්බුකාරයෝය.


එම්බා ඉශ්‍රායෙල්, නුඹේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි!


එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.


ඒක හෙළාදමනු ලැබූ හැටි! ඔවුන් කෑමොරගසන හැටි! මෝවබ් පිටිපා ලජ්ජාවට පැමුණුණු හැටි! මෙසේ මෝවබ් ඔහු වටකර සිටින සියල්ලන්ට කවටකමක් සහ භයංකාරකමක් වන්නේය.


මුළු පොළොවේ කුළුගෙඩිය දෙකට කපා කඩාදමනු ලැබූ හැටි! ජාතීන් අතරේ බබිලෝනිය පාළුවක් වූ හැටි!


ඔවුන්ගේ මිනීවළවල් වළේ ඉතා දුර තැන්වල සාදා තිබේ, ඇගේ සමූහය ඇගේ මිනීවළ වටකර සිටිති. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.


වැටී තමුන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූද තමුන්ගේ කඩු තමුන්ගේ හිස යට තබාගත්තාවූද තමුන්ගේ අපරාධ තමුන්ගේ ඇට පිට ඇත්තාවූද අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක්ව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්