Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:32 - Sinhala Revised Old Version

32 ඔවුන්ගේ ළතෝනියේදී ඔවුන් නුඹ ගැන විලාපයක් පවත්වා, නුඹ ගැන මෙසේ විලාප කියනවා ඇත: මුහුද මැදදී නිශ්ශබ්දභාවයට පත්වූ තීර්ට සමාන කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ඔවුන්ගේ ලතෝනියේ දී ඔවුන් නුඹ ගැන මෙසේ විලාප ගීයක් නඟා නුඹ ගැන මෙසේ විලාප කියනු ඇත: ‘මුහුද මැද තීර් මෙන් විපතට පත් වූ තවත් කවරෙක් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඔවුන්ගේ ලතෝනියේ දී ඔවුන් නුඹ ගැන මෙසේ විලාප ගීයක් නඟා නුඹ ගැන මෙසේ විලාප කියනු ඇත: ‘මුහුද මැද තීර් මෙන් විපතට පත් වූ තවත් කවරෙක් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:32
9 හුවමාරු යොමු  

ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.


මේ මහත් නුවරට සමාන නුවර කොයි එකදැයි කියමින් මොරගැසුවෝය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ තීර් ගැන විලාපයක් පවත්වමින්,


නුඹේ හබල්කාරයෝ නුඹ මහත් ජලවලට පැමිණෙවුවෝය. පෙරදිග සුළඟින් මුහුද මැදදී නුඹ බිඳුණාය.


යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?


මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.


ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළඳාම් බඩු උදුරාගන්නවා ඇත. නුඹේ පවුරු බිඳදමා, නුඹේ ප්‍රිය ගෙවල් හෙළාදමා, නුඹේ ගල්ද ලීද පස්ද ජල මැදට දමනවා ඇත.


මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින්–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්