තේරා ඉපදෙවූ පසු නාහොර් එකසිය දසනව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
එසකියෙල් 16:3 - Sinhala Revised Old Version මෙසේ කියන්නස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය. Sinhala New Revised Version ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “ “ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි. Sinhala New Revised Version 2018 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “ “ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි. |
තේරා ඉපදෙවූ පසු නාහොර් එකසිය දසනව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
ආබ්‍රම්ද නාහොර්ද භාර්යාවන් පාවාගත්තෝය; ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයිය; නාහොර්ගේ භාර්යාවගේ නම මිල්කාය, ඈ මිල්කාගෙත් ඉස්කාගෙත් පියාවූ හාරාන්ගේ දුවය.
සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)
යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,
මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,
ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබුවාවූ දෙවිවූ ස්වාමීන්වහන්සේය;
සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
නුඹ උපන් දවසේදී, නුඹ උපන් කල නුඹේ පෙකනිවැළ කැපුවේවත් පිරිසිදුකිරීමට නුඹ වතුරෙන් නෑවුවේවත් නුඹට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි එතුවේවත් නැත.
නුඹ නම් පුරුෂයාටත් දරුවන්ටත් පිළිකුල්කරන මවගේ දුවය; නුඹ තමුන්ගේ පුරුෂයන්ටද දරුවන්ටද පිළිකුල්කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරීය. නුඹලාගේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය, නුඹලාගේ පියා අමෝරියයෙක්ය.
නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි නුඹේ උත්පත්ති දේශයේදී නුඹ විනිශ්චයකරන්නෙමි.
නුමුත් ඔහු තමාගෙන් බව්තීස්මය ලබන පිණිස ඵරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක, ඔවුන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාදකළේ කවුද?
එකල ඔහු තමාගෙන් බව්තීස්මය ලබන්ට ආවාවූ සමූහයන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාද කළේ කවුරුද?
නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.
ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.
තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට ඔවුන් නුඹලාට නූගන්වන පිණිසද, එසේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලා පව් නොකරන පිණිසද,
නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,
දකුණු දිශාවේද ශීදොන්වරුන්ට අයිතිවූ මෙයාරාහිද පටන් අපෙක්ට පැමිණෙන තුරු අමෝරිවරුන්ගේ සීමාව දක්වා කානානිවරුන්ගේ මුළු දේශයත්,
එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.