Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:45 - Sinhala Revised Old Version

45 නුඹ නම් පුරුෂයාටත් දරුවන්ටත් පිළිකුල්කරන මවගේ දුවය; නුඹ තමුන්ගේ පුරුෂයන්ටද දරුවන්ටද පිළිකුල්කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරීය. නුඹලාගේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය, නුඹලාගේ පියා අමෝරියයෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:45
12 හුවමාරු යොමු  

එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.


අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.


මනුෂ්‍ය පුත්‍රය, එක මවෙකුගේ දූවරුවූ ස්ත්‍රීන් දෙදෙනෙක් සිටියෝය.


නුමුත් නුඹේ ශෝභනකම කෙරේ නුඹ විශ්වාසකොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම්කරමින්, ළඟින් යන එකිනෙකාටම නුඹේ වේශ්‍යාකම් වැගිරෙවුවෙහිය; එය ඔහුට වුණේය.


මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.


මෙසේ කියන්නස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්