උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
එපීස 1:7 - Sinhala Revised Old Version ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. Sinhala New Revised Version ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය. Sinhala New Revised Version 2018 ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. |
උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය.
මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකැයි ප්‍රකාශකළසේක.
ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්‍රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.
ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.
අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.
එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය.
එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනඟට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට,
යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.
උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරණකොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගතවක්තෘවරු උන්වහන්සේ ගැන සාක්ෂිදෙතියි කීවේය.
පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.
දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.
නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.
නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.
අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.
උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,
තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.
නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්,
එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නාවූ කාලවලදී පෙන්වන පිණිසය.
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්,
සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.
අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.
නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක;
ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නමැති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.
උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ.
උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.
එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස,
ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.
මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.
උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.
ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.
ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.
ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,