Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 2:7 - Sinhala Revised Old Version

7 එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නාවූ කාලවලදී පෙන්වන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට පානා උන්වහන්සේගේ කරුණාව පෙන්නුම් කරමින්, මතු පැමිණෙන යුගවලදී උන්වහන්සේගේ අනුග්‍රහයේ අනුපමේය ඉසුරුමත් භාවය විදහා දක්වනු පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 2:7
13 හුවමාරු යොමු  

නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශවූ කල,


නුඹලා නුඹලාගේ කැඳවීමට සුදුස්සෝයයි අපගේ දෙවියන්වහන්සේ විසින් ඒත්තුගෙන, යහපත්කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද ස්වකීය බලයෙන් සම්පූර්ණකරනමෙන් අප නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.


නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්,


කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.


එය උන්වහන්සේගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරාවලදී මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වනු නොලැබුවේය;


සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.


නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,


ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්