ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.
උත්පත්ති 47:12 - Sinhala Revised Old Version යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය. Sinhala New Revised Version තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය. Sinhala New Revised Version 2018 තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය. |
ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.
ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න.
දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක.
එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය.
අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් නුඹලාගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් නුඹලාට වන්නේයයි කීවේය.
එබැවින් භය නොවන්න. මම නුඹලා සහ නුඹලාගේ දරුවන්ද පෝෂ්‍යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත.
එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව.
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.
නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.
යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.
ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.