Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 47:1 - Sinhala Revised Old Version

1 එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට ජෝසෙප් පාරාවෝ වෙත අවුත්, ඔහුට කතා කොට, “මාගේ පියා හා සහෝදරයෝ ද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළ ද, ඔවුන් සතු සියල්ල ද කානාන් දේශයෙන් නික්ම ආවා හ. දැන් ඔව්හු ගෝෂෙන් පෙදෙසේ සිටිති”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එවිට ජෝසෙප් පාරාවෝ වෙත අවුත්, ඔහුට කතා කොට, “මාගේ පියා හා සහෝදරයෝ ද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළ ද, ඔවුන් සතු සියල්ල ද කානාන් දේශයෙන් නික්ම ආවා හ. දැන් ඔව්හු ගෝෂෙන් පෙදෙසේ සිටිති”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 47:1
8 හුවමාරු යොමු  

යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;


ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.


ගෝෂෙන්ට යන මාර්ගය පෙන්වන පිණිස ඔහු තමාට පෙරටුව යූදා යෝසෙප් වෙතට යැවීය; ඔව්හු ගෝෂෙන් දේශයට පැමිණියෝය.


මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදුකරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝයයි කියන්ට ලජ්ජා නොවී:


ඉශ්‍රායෙල් පුත්‍රයන් සිටි ගෝෂෙන් නම් දේශයෙහි පමණක් කිසි ගල් වර්ෂාවක් නොවීය.


පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේව සිටින බව නුඹ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට,


නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.


යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්