Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 47:24 - Sinhala Revised Old Version

24 අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් නුඹලාගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් නුඹලාට වන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 47:24
14 හුවමාරු යොමු  

එසේ කොට, දේශය කෙරෙහි මුලාදෑනීන් පත්කර, සාරවත්වූ අවුරුදු සතේදී මිසර දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටස ගනීවා.


කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.


දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක.


කෙවිට යටින් යන්නාවූ සියලුම මෘගයන් වන ගව එළු බැටළු රැළවලින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට ශුද්ධය.


ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය.


එකල යෝසෙප් සෙනඟට කථාකොට: බලව, අද නුඹලා සහ නුඹලාගේ ගම්බිම් ඵාරාවෝට ගතිමි. මෙන්න, මෙහි නුඹලාට බීජ තිබේ, වපුරන්න.


නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.


සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට:


කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.


භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නිතරම භයවෙන්ට ඉගෙනගන්න පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ නුඹේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර,


දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්