Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 47:21 - Sinhala Revised Old Version

21 ඔහු මිසරයේ එක් සීමා කෙළවරක පටන් අනික් සීමා කෙළවර දක්වා සෙනඟ නුවරවලට පැමිණෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 47:21
3 හුවමාරු යොමු  

ඔහු ඒ සත් අවුරුද්දේ මිසර දේශයෙහි තිබුණාවූ ආහාර සියල්ල රැස්කොට ඒවා නුවරවල තැබුවේය. එක එක නුවර වටකර කෙත්වල තිබුණු ආහාර ඔහු එහිම තැබුවේය.


මෙසේ යෝසෙප් මුළු මිසර දේශය ඵාරාවෝට ගත්තේය; මක්නිසාද සියලු මිසරවරුන් කෙරෙහි සාගතය බලවත්වූ බැවින් ඔව්හු තම තමන්ගේ කෙත් වික්කෝය. දේශයද ඵාරාවෝට හිමිවිය.


ඔහු නොගත්තේ පූජකයන්ගේ ගම්බිම් පමණකි. මක්නිසාද පූජකයන්ට ඵාරාවෝගෙන් කොටසක් ලැබුණේය, ඵාරාවෝ ඔවුන්ට දුන් කොටස ඔවුන් කෑ හෙයින් ඔව්හු තමන්ගේ ගම්බිම් නොවික්කෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්