එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු යූදාවරුන්ට අඬගස්වා, රාමා ගොඩනැගීමට බාෂා විසින් ගත් ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගන, එයින් බෙන්යමින්හි ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය.
උත්පත්ති 31:49 - Sinhala Revised Old Version තවද එයට මිශ්පායයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේ බලාඉන්නසේක්වා. Sinhala New Revised Version තවදුරටත් ඔහු කතා කරමින්, “අප දදෙනො එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී. Sinhala New Revised Version 2018 තවදුරටත් ඔහු කතා කරමින්, “අප දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී. |
එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු යූදාවරුන්ට අඬගස්වා, රාමා ගොඩනැගීමට බාෂා විසින් ගත් ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගන, එයින් බෙන්යමින්හි ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය.
පූජකයෙනි, මෙය අසන්න, ඉශ්‍රායෙල් වංශය, ඇහුම්කන්දෙන්න, රාජ වංශය නුඹලාත් කන්යොමුකරන්න; කුමක් හෙයින්ද නුඹලා මිශ්පායෙහි මලපතක්ව තාබොර් උඩ අතුරාපු දැලක්ව සිටින නිසා මේ විනිශ්චය නුඹලාට විරුද්ධය.
එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්දෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්දෝය.
එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය යෙප්තා කෙරෙහි පැමුණුණේය, ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පේට පැමිණ, ගිලියද්හි මිශ්පේ සිට අම්මොන් පුත්‍රයන් වෙතට ගියේය.
තවද නුඹත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම නුඹත් මාත් අතරේ වනසේකැයි කීවේය.