Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:23 - Sinhala Revised Old Version

23 තවද නුඹත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම නුඹත් මාත් අතරේ වනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:23
7 හුවමාරු යොමු  

යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.


ඉදින් නුඹ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය.


සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත නුඹ කෙරෙහි වේවා. මාගේ දාසිය නුඹේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය.


තවද එයට මිශ්පායයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේ බලාඉන්නසේක්වා.


ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.


ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්