Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:1 - Sinhala Revised Old Version

1 පූජකයෙනි, මෙය අසන්න, ඉශ්‍රායෙල් වංශය, ඇහුම්කන්දෙන්න, රාජ වංශය නුඹලාත් කන්යොමුකරන්න; කුමක් හෙයින්ද නුඹලා මිශ්පායෙහි මලපතක්ව තාබොර් උඩ අතුරාපු දැලක්ව සිටින නිසා මේ විනිශ්චය නුඹලාට විරුද්ධය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:1
29 හුවමාරු යොමු  

එප්‍රායිම් මාගේ දෙවියන්වහන්සේ වෙත රැකවලෙක් විය. ප්‍රොපේත තෙම තමාගේ සියලු මාර්ගවල පක්ෂී වැද්දාගේ මලපතක්ව, තමාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි එදිරිකාරකමක්ව සිටින්නේය.


භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.


යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,


කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ.


ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,


ඉතින් පූජකයෙනි, මේ ආඥාව නුඹලාටය.


ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.


නුඹලාගේ මහත් නපුරුකම නිසා බෙතෙල් නුඹලාට එසේ කරන්නේය. අලුයම් වේලෙහි ඉශ්‍රායෙල් රජ සහමුලින්ම සිඳිනු ලබන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.


පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.


තවද මම මෙසේ කීවෙමි: යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද?


පැටවුන් නැතිවුණ වැලහින්නියක් මෙන් මම ඔවුන්ට විරුද්ධව පැමිණ, ඔවුන්ගේ හෘදයේ අතුණුවැටිය ඉරන්නෙමි. එහිදී සිංහයෙකු මෙන් ඔවුන් නාස්තිකරන්නෙමි; වල් මෘගයා ඔවුන් ඉරාදමන්නේය.


කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.


මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මෙබඳු දෙයක් සිද්ධවීද?


එවිට අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනලද්දේය.


සාමුවෙල්ද: මා නුඹලා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් මිශ්පාට රැස්කරන්නැයි කීවේය.


ඔව්හු මිශ්පාට රැස්වී වතුර ඇද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට, ඒ දවසේ නිරාහාරව සිට: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි එහිදී කීවෝය. සාමුවෙල් මිශ්පාහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විනිශ්චයකෙළේය.


ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර,


මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර–නුඹලා මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාට විරුද්ධව, එනම් මිසර දේශයෙන් මා විසින් ගෙනාවාවූ මුළු වංශයට විරුද්ධව, ස්වාමීන්වහන්සේ කීවාවූ මේ වචනය අසන්න:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්