එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
උත්පත්ති 2:9 - Sinhala Revised Old Version දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. Sinhala New Revised Version තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. Sinhala New Revised Version 2018 තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. |
එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා,
මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.
එහෙත් දෙවියන්වහන්සේ–නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය.
මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය.
මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය.
මක්නිසාද නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය.
මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය.
නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
ගඟ ළඟ දෙපැත්තේම එහි අද්දර සියලු ආකාර ඵල-ගස් වැවෙන්නේය; ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් නැතුව, හැම මාසයේම අලුත් ඵල දරන්නේය, මක්නිසාද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන්ම නික්ම එන්නේය. ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුවකිරීම පිණිසත් වන්නේය.
දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමුනම් ඒ අපට ධර්මිෂ්ඨකම වන්නේයයි කියන්න.
ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.
ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.
එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.