Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:18 - Sinhala Revised Old Version

18 නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:18
19 හුවමාරු යොමු  

නුඹ කාට වඩා රූපසම්පන්න වන්නෙහිද? නුඹ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.


බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ උපකාරකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කථාකරන්නෝය. අචර්මඡේදිතවූ, කඩුවෙන් මැරුම්කෑවාවූ අය බැස ගොස් වැටී සිටිති.


අචර්මඡේදිතයන් විඳින මරණවලින් නුඹ විදේශීන් අතින් මැරුම්කන්නෙහිය. මක්නිසාද මම එසේ කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.


මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සමූහයාටත් මෙසේ කියන්න–නුඹේ මහත්කමෙන් නුඹ කාට සමානද?


බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.


එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.


එසේය, මම නුඹ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි, ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරුත් නුඹ නිසා ඉතා භයවන්නෝය; නුඹේ වැටීමේ දවසේදී ඔවුන් එක එකා තම තමාගේ ප්‍රාණය ගැන මොහොතෙන් මොහොත වෙවුලන්නේය.


ඒකේ අතු රාශියෙන් මම එය අලංකාරකෙළෙමි. එබැවින් දෙවියන්වහන්සේගේ උයනවූ ඒදන්හි සියලුම ගස්ද ඊර්ෂ්‍යාවුණෝය.


මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය.


පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.


ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


දෙවියන්වහන්සේගේ උයනේ කිහිරි ගස්වලට ඒක සැඟවී නොතිබුණේය. දේවදාර ගස් එහි අතුවලට සමාන නොවීය, අර්මොන් ගස් එහි රිකිලිවලට සමව නොතිබුණේය; දෙවියන්වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නොවීය.


මෙසේ වන්නේ වතුර ලැබෙන සියලු ගස් ඒවායේ උස නිසා උඩඟුවෙන්ටත් ඒවායේ මුදුන් වලාකුල් අතරට අරින්ටත් වතුර බීගන්න ඒ සියල්ල ඒවායේ උස්කම නිසා තනියම සිටින්ටත් නොයෙදෙන පිණිසය. මක්නිසාද ඒ සියල්ලෝම පොළොවේ පහත් තැන්වල මිනීවළට බසිනවුන් ළඟට යන්ට මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහිම මරණයට පාවාදෙනු ලැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්