උත්පත්ති 2:12 - Sinhala Revised Old Version ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය. Sinhala New Revised Version එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. Sinhala New Revised Version 2018 එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. |
සතරවෙනි පේළිය රන්කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද වන්නේය. ඒවා රන් කෙවෙනිවල බැන්ද යුතුය.
සතරවෙනි පේළියට රන් කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද විය. ඒවා රන් කෙවෙනිවල බඳිනලද්දේය.
නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය.