Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:13 - Sinhala Revised Old Version

13 සතරවෙනි පේළියට රන් කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද විය. ඒවා රන් කෙවෙනිවල බඳිනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:13
9 හුවමාරු යොමු  

පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදුර්ය; නවවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගයය; දොළොස්වෙනි එක අඹතෙස්ය.


ගල්වල කැටයම් කරන විධියට මුද්‍රාකෙටීම මෙන් ඒ මැණික් දෙකෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් කොටා, ඒවා රන් කෙවෙනිවල බඳින්න.


තුන්වෙනි පේළියට පද්මරාගයක්ද වර්ණකාන්තියක්ද අඹතෙස්ගලක්ද විය.


ඒ මැණික් ගල් පිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම ගණනේ හැටියට නාම දොළසක් වූහ; ගෝත්‍ර දොළසේ ගණනට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස විය.


ඔහුගේ අත් ලශුනිය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.


ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය.


නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ඒවායේ කැටයම්කරන්න.


එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි.


චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්