Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:20 - Sinhala Revised Old Version

20 සතරවෙනි පේළිය රන්කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද වන්නේය. ඒවා රන් කෙවෙනිවල බැන්ද යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:20
9 හුවමාරු යොමු  

ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය.


එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය.


ඔහුගේ ශරීරය රන්කාන්තියක් මෙන්ය, ඔහුගේ මුහුණ විදුලියේ පෙනීම මෙන්ය, ඔහුගේ ඇස් ගිනි පහන් මෙන්ය, ඔහුගේ හස්ත සහ පාද ඔප්නැගූ පිත්තල මෙන්ය, ඔහුගේ වචනවල හඬ සමූහයක හඬ මෙන්ය.


මම බැලූ විට මෙසේ දුටිමි: කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම් එක කෙරුබ් කෙනෙක් ළඟ එක රෝදයක්ද තවත් කෙරුබ් කෙනෙක් ළඟ තවත් රෝදයක්ද වශයෙන් තිබුණේය. රෝදවල පෙනීමද රන්කාන්තියක දිලිහීම වාගේය.


චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය.


තුන්වෙනි පේළිය පද්මරාගයක්ද වර්ණකාන්තියක්ද අඹතෙස් ගලක්ද වන්නේය;


ඒ මැණික් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ගණන ලෙස දොළසක්ව, ගෝත්‍ර දොළසේ හැටියට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස එහි කැටයම්කර තිබිය යුතුය.


ඔහුගේ අත් ලශුනිය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්