ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 18:33 - Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 18:33
9 හුවමාරු යොමු  

එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක.


ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ්‍රහම් ඔවුන් ඇරලන පිණිස ඔවුන් සමඟ ගියේය.


ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය.


ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.


ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.


යාකොබ් තමාගේ ගමන යන්ට ගියේය. දෙවියන්වහන්සේගේ දූතයෝ ඔහුට සම්බවුණෝය.


උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.


තවද දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයේ සිට ඔහු වෙතින් නැගී ගියසේක.


ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක.