Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 35:13 - Sinhala Revised Old Version

13 තවද දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයේ සිට ඔහු වෙතින් නැගී ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 35:13
6 හුවමාරු යොමු  

එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක.


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.


මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.


එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්සසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්