Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:55 - Sinhala Revised Old Version

55 ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 ලාබන් ද උදය අලුයම නැඟිට තම මුණුබුරන් හා දූවරුන් සිඹගෙන ඔවුන්ට ආසිරි පතා, පිටත් වී තමාගේ ගෘහයට ආපසු ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 ලාබන් ද උදය අලුයම නැඟිට තම මුණුබුරන් හා දූවරුන් සිඹගෙන ඔවුන්ට ආසිරි පතා, පිටත් වී තමාගේ ගෘහයට ආපසු ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:55
18 හුවමාරු යොමු  

සැඟවී රහසින් පලාගියේ මක්නිසාද? නුඹ අනුවණ ලෙස ක්‍රියාකෙළෙහිය.


රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.


සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.


ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය.


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


එසේ වුවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ප්‍රේමකළ බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක.


බාලාම් නැගිට තමාගේ ස්ථානයට හැරී ගියේය. බාලාක්ද යන්ට ගියේය.


බාලාක්: නුඹ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට නුඹ ගෙන්වා ගත්තෙමි, එහෙත්, නුඹ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය.


දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද? ස්වාමීන්වහන්සේ දෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද?


ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.


එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.


ලාබන් උත්තරදෙමින්: දූවරු මාගේ දූවරුය, දරුවෝ මාගේ දරුවෝය, රැළවල් මාගේ රැළවල්ය, නුඹට පෙනෙන මේ සියල්ල මාගේය. මේ මාගේ දූවරුන්ට හෝ ඔවුන්ට බිහිකළ දරුවන්ට හෝ අද කුමක් කළහැකිවෙම්ද?


ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පවානොගන්න.


ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.


මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්