ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 10:29 - Sinhala Revised Old Version

ඕඵීර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 10:29
15 හුවමාරු යොමු  

ඕබාල්, අබිමායෙල්, ෂෙබා;


ඔවුන්ගේ වාසස්ථානය මේෂා පටන් නැගෙනහිර කන්ද වූ ෂෙඵාර් අතට වූයේය.


පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය;


ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.


යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.


ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.


ඕපීර්ද හවීලාද යෝබාබ්ද උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.


ඉෂ්මෙරයිද ඉස්ලියාද යෝබාබ්ද එල්පයල්ගේ පුත්‍රයෝය;


පූජකයන්ගෙන් යෙදායාද යෙහෝයාරීබ්ද යාකීන්ද;


තමුන්ගේ පිය වංශවල ප්‍රධානියන්වූ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථවූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක්ද යන අයය.


නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;


ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.


ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.


මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.


සාවුල්ද හවිලා පටන් මිසරය ඉදිරිපිට තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේය.