Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:48 - Sinhala Revised Old Version

48 යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:48
18 හුවමාරු යොමු  

මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.


සාලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශීයොන්ගෙබෙර්හි නැව් සෑදෙවුවේය.


ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.


එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.


සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.


තර්ෂිෂ්හි සියලු නැව්වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති සියල්ලට විරුද්ධවද, ඒවා පහත්කරන පිණිස, සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය.


ඔබ පෙරදිග සුළඟෙන් තර්ෂිෂ්හි නැව් බිඳිනසේක.


ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.


නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්‍රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.


ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.


මක්නිසාද හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබුණේය. ඒ තර්ෂිෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.


එකල ආහබ්ගේ පුත්‍රවූ අහසියා: මාගේ සේවකයෝ නුඹේ සේවකයන් හා සමඟ නැව්වල යෙත්වයි යෙහෝෂාපාට්ට කීවේය. නුමුත් යෙහෝෂාපාට් කැමති වුණේ නැත.


ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු නුඹේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, නුඹට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය.


ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.


මෙසේ ඉශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.


ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යූදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්