Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 10:29 - Sinhala New Revised Version 2018

29 ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඕඵීර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 10:29
15 හුවමාරු යොමු  

ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ.


මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය. ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.


ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.


එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.


ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,


තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.


පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද;


ඉෂ්මෙරයි ද ඉස්ලියා ද ජෝබාබ් ද එල්පයල්ගේ පුත්‍රයෝ ය.


ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.


සාවුල් ද හවිලා පටන් මිසරයට පෙරදිගින් පිහිටා තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය.


ඔහුගෙන් පැවතෙන්නෝ හවිලාහි සිට අසිරියාවට යන මගෙහි මිසර දේශයට පෙරදිගින් පිහිටි ෂූර් දක්වා වාසය කළහ. ඔව්හු තම ඥාතීන්ගෙන් ඈත් ව ජීවත් වූ හ.


පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත.


ඕබාල්, අබිමායෙල්, ෂෙබා,


ඔවුන් විසූ ප්‍රදේශය මේෂා පටන් පෙරදිග කඳු දක්වා පිහිටි ෂෙපාර් අතර විය.


ඕපීර් ද හවීලා ද ජෝබාබ් ද උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්