මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි.
ආමොස් 7:4 - Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය. Sinhala New Revised Version දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය. Sinhala New Revised Version 2018 දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය. |
මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි.
එම්බා දාවිත්ගේ වංශය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගින්න මෙන් විහිදී ගොස් කිසිවෙකුට නිවන්ට බැරි ප්‍රකාර නොඇවිළෙන පිණිස, කඩිනමින්ම විනිශ්චය පවත්වා, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න.
යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.
ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි.
ස්වාමීන්වහන්ස, ඔබට යාච්ඤාකරමි. මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම් ගින්නෙන් නාස්තිවී ගියේය, කෙතේ සියලු ගස්ද ගිනිදැල්ලට දාගියේය.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.
දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් නුඹලා අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, නුඹලා ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයිස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, රජුගේ කපාගැනීමට පසුව වැවුණු තෘණවන දෙවෙනි ඒවා හටගන්ට පටන්ගන්න විට උන්වහන්සේ පළඟැටියන් හටගැන්වූසේක.
උන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ස්වාමීන්වහන්සේ ලඹයට හරිලෙස සෑදූ පවුරක් උඩ තමන් අතේ ලඹයක් ඇතුව සිටිසේක.
උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.
දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.
ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.