Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 1:7 - Sinhala Revised Old Version

7 ඒ නිසා මම ගාසාහි මාළිගා නාස්තිකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 1:7
17 හුවමාරු යොමු  

මක්නිසාද ගාසා අත්හරිනු ලබන්නේය, අෂ්කෙලොන් පාළුවක් වන්නේය. ඔව්හු මද්දහන් වේලාවේ අෂ්දොද්වරුන් එළවා දමන්නෝය, එක්‍රොන්ද උදුරනු ලබන්නේය.


ඵාරාවෝ ගාසාට පහරදෙන්ට පළමුවෙන් පිලිස්තිවරුන් ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.


ඔහු ගාසා සහ එහි සීමාවල් දක්වාද මුර කොටුව පටන් පවුරු සහිත නුවර දක්වාද පිලිස්තිවරුන්ට පහර දුන්නේය.


ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.


ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි.


ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැගුවේය.


ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.


ගාසාට මුඩුකම පැමිණියේය; අෂ්කෙලෝන් සහ ඔවුන්ගේ මිටියාවතෙන් ඉතිරි පංගුව නාස්තිවිය. නුඹ කොපමණ කල් ශරීරය කපාගන්නෙහිද?


මා විසින් මිසරයෙහි ගින්නක් අවුළුවා ඇගේ සියලු උදව්කාරයන් බිඳීගිය කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගාසාහි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ඒදොම්ට පාවාදෙන පිණිස මුළු සෙනඟ වහල්කමට ගෙනගියෝය.


මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්‍රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්