ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 8:10 - Sinhala Revised Old Version

දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 8:10
9 හුවමාරු යොමු  

ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය.


දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද


දාවිත් හදද්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයි අසා,


ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.


දාවිත් එසේ හදර්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් බැවින්, දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී පිත්තල බඩුත් එවුවේය; මක්නිසාද හදර්එසෙර් සහ තොයු අතරේ යුද්ධ තිබුණේය.


එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යූදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.


මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය නුඹලාට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් නුඹලාට ආශීර්වාදකරමුයයි නොකියති.


ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝනියේ රජවූ මෙරොදක්-බලදාන් හෙසකියා ලෙඩින් සිට සුවවුණ බව අසා ලියුම් සහ තෑග්ගක් ඔහු වෙතට එවුවේය.


ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය.