Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 8:10 - Sinhala New Revised Version

10 ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 8:10
9 හුවමාරු යොමු  

ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය.


මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.


දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්,


ඇරත්, රාජ නිලධාරීහු අපේ ස්වාමීන් වන දාවිත් රජු හට ආශීර්වාද කරන්නට පැමිණ, ‘දෙවියන් වහන්සේ සලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර, ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සේක් වා!’යි කීවෝ‍ ය. රජ තෙම ද යහනේ සිට නැමී ආචාර කෙළේ ය.


දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් බැවින්, දාවිත්ට ආචාර කරන්නටත්, ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී ලෝකඩ බඩුත් එවී ය. මන්ද, හදද්-එශෙර් සහ තොයු අතරේ යුද්ධ තිබිණි.


එවිට බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේට පඬුරු ද ජුදාහි රජ වන හෙසකියාට අනර්ඝ දේ ද දෙන පිණිස ජෙරුසලමට ඒවා ගෙනාවෝ ය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.


“සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.


ඒ කාලයේ දී බලදාන්ගේ පුත්‍ර වූ බබිලෝනියේ රජ වූ මෙරොදක්බලදාන් තෙමේ හෙසකියා ලෙඩින් සිට සුවපත් වූ බව අසා ලියුමක් සහ තෑග්ගක් ඔහු වෙත එව්වේ ය.


ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්