Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 8:11 - Sinhala Revised Old Version

11 දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 8:11
8 හුවමාරු යොමු  

මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.


සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.


එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි.


ඒ බඩුත් දාවිත් රජ සියලු ජාතීන්ගෙන් එනම් ඒදොම්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද ගත්තාවූ රන් රිදී සමඟ ස්වාමීන්වහන්සේට කැපකෙළේය.


දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.


මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්