Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:23 - Sinhala Revised Old Version

23 එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යූදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේට පඬුරු ද ජුදාහි රජ වන හෙසකියාට අනර්ඝ දේ ද දෙන පිණිස ජෙරුසලමට ඒවා ගෙනාවෝ ය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේට පඬුරු ද ජුදාහි රජ වන හෙසකියාට අනර්ඝ දේ ද දෙන පිණිස ජෙරුසලමට ඒවා ගෙනාවෝ ය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:23
18 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහු අතේ ස්ථිරකළසේක; සියලු යූදාවරු යෙහෝෂාපාට්ට තෑගි ගෙනාවෝය; වස්තුවද ගෞරවයද ඔහුට බොහෝසෙයින් තිබුණේය.


ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.


ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමුන්ගේ තෑගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුගන්ධ ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද නියම ගණනක් ගෙනාවෝය.


දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.


තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.


යෙරුසලමෙහි ඔබගේ මාලිගාව නිසා රජවරු ඔබ වෙතට පඬුරු ගෙනෙන්නෝය.


මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.


පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් යෙහෝෂාපාට්ට තෑගිද රිදීද කප්පන් පිණිස ගෙනාවෝය; අරාබිවරුත් බැටළුවන් හත්දාස් හත්සියයක්ද එළුවන් හත්දාස් හත්සියයක්ද යන සිවුපාවුන් ගෙනාවෝය.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවෙහි සාලමොන් ඉතා උසස්කොට, ඉශ්‍රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන්සේක.


ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමුන්ගේ තෑගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුවඳ ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද ගෙනාවෝය.


තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය.


සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.


යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළින් ඵල දරනවා ඇත.


ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්