ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 5:10 - Sinhala Revised Old Version

දාවිත් වඩ වඩා උතුම් වේගන ගියේය; මක්නිසාද සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කල් යත් යත් දාවිත් බලවත් විය. එසේ වූයේ, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කල් යත් යත් දාවිත් බලවත් විය. එසේ වූයේ, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 5:10
19 හුවමාරු යොමු  

ඒ කාලයෙහි අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් ආබ්‍රහම්ට කථාකොට: නුඹ කරන සියල්ලේදී දෙවියන්වහන්සේ නුඹ හා සමඟය.


තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.


නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් නුඹට සාදා දෙන්නෙමි.


ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.


දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.


එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.


මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන්වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටි නිසාත් සාවුල්ගෙන් පහව ගිය නිසාත් සාවුල් ඔහුට භයවුණේය.


දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේද ඔහු සමඟ සිටිසේක.


දාවිත් වනාහි සාවුල් තමා යැවූ හැම තැනටම ගොස් නුවණින් හැසුරුණේය. සාවුල් ඔහු යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා කෙළේය, මුළු සෙනඟද සාවුල්ගේ සේවකයෝද ඊට ප්‍රසන්නවූහ.