Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:5 - Sinhala Revised Old Version

5 දාවිත් වනාහි සාවුල් තමා යැවූ හැම තැනටම ගොස් නුවණින් හැසුරුණේය. සාවුල් ඔහු යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා කෙළේය, මුළු සෙනඟද සාවුල්ගේ සේවකයෝද ඊට ප්‍රසන්නවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:5
20 හුවමාරු යොමු  

පිලිස්තිවරුන්ගේ අධිපතීහු පිටත්ව ආවෝය. තවද ඔව්හු යම් පමණ වර පිටත්ව ආවෝද එපමණ වර දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා නුවණින් හැසුරුණේය; ඒ නිසා ඔහුගේ නාමය ඉතා අනර්ඝ කොට සලකන ලද්දේය.


නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.


මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.


නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.


තවද සාවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය.


හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.


සාවුල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණුවූ යුද්ධ පැවතුණේය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු තමා යටතට පත්කරගත්තේය.


යොනාතාන් තමාගේ සළුව ගළවා ඒකද කඩුවත් දුන්නත් ඉඟපටියත් ඇතුළුව තමාගේ ඇඳුමද දාවිත්ට දුන්නේය.


තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය.


නුමුත් සියලු ඉශ්‍රායෙල්වරුද යූදාවරුද දාවිත්ට ප්‍රේමකළෝය; මක්නිසාද ඔහු ඔවුන්ට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.


පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.


නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.


ස්වාමීන්වහන්සේ යූදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්නාදැමුවේය. නුමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්නාදමන්ට නොහැකිවිය.


සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක.


දාවිත් වඩ වඩා උතුම් වේගන ගියේය; මක්නිසාද සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.


ස්වාමීන්වහන්සේ යෙහෝෂාපාට් සමඟ සිටිසේක. මක්නිසාද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ ප්‍රථම මාර්ගවල හැසිර, බාල් දේවතාවුන්ට සේවය නොකර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්