2 සාමුවෙල් 18:16 - Sinhala Revised Old Version යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය. Sinhala New Revised Version ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. Sinhala New Revised Version 2018 ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. |
එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.
එවිට ඒ ස්ත්‍රී ඇගේ ප්‍රඥාවෙන් යුක්තව මුළු සෙනඟ ළඟට ගියාය. ඔව්හු බික්‍රිගේ පුත්‍රවූ ෂෙබාගේ හිස කපා යෝවාබ් වෙතට වීසිකළෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට ඔව්හු නුවරින් තම තමුන්ගේ කූඩාරම්වලට විසිර ගියෝය. යෝවාබ්ද යෙරුසලමට රජු වෙතට හැරී ආවේය.