Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 20:22 - Sinhala Revised Old Version

22 එවිට ඒ ස්ත්‍රී ඇගේ ප්‍රඥාවෙන් යුක්තව මුළු සෙනඟ ළඟට ගියාය. ඔව්හු බික්‍රිගේ පුත්‍රවූ ෂෙබාගේ හිස කපා යෝවාබ් වෙතට වීසිකළෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට ඔව්හු නුවරින් තම තමුන්ගේ කූඩාරම්වලට විසිර ගියෝය. යෝවාබ්ද යෙරුසලමට රජු වෙතට හැරී ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:22
10 හුවමාරු යොමු  

ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය.


බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.


නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.


එවිට ප්‍රඥාවන්ත ස්ත්‍රියෙක් නුවර සිට මොරගසා: මෙන්න අසන්න, අසන්න; මා යෝවාබ් සමඟ කථාකරන පිණිස මෙහි ළඟාවෙන්ට කියා ඔහුට කිවමැනවියි කීවාය.


යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය.


එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.


ඔව්හු අබ්සලොම් රැගෙන වනයෙහි තිබුණ මහත් වළේ හෙළා ඔහු පිට ඉතා මහත් ගල්ගොඩක් නැගුවෝය. සියලු ඉශ්‍රායෙල්වරුද තම තමුන්ගේ කූඩාරම්වලට පලා ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්