Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:15 - Sinhala Revised Old Version

15 යෝවාබ්ගේ ආයුධ ගෙනයන මෙහෙකරුවෝ දස දෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහරදී ඔහු මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:15
9 හුවමාරු යොමු  

එවිට යෝවාබ්: මට මෙසේ නුඹ සමඟ ප්‍රමාදවෙවී ඉන්ට බැරිය කියා හෙල්ල තුනක් අතින් ගෙන අබ්සලොම් අලෝන ගස මැද පණ ඇතුව සිටිද්දීම එයින් ඔහුගේ හෘදයට ඇන්නේය.


යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය.


ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය.


එවිට දාවිත් රජ පූජකයන් වන ශාදොක්ටත් අබියාතර්ටත් මෙසේ කියා ඇරියේය: නුඹලා යූදාහි වැඩිමහල්ලන්ට කථාකොට-රජ්ජුරුවන් තමාගේ ගෙට ගෙන්වන්ට මුළු ඉශ්‍රායෙල් කරන කථාව ඔහුට සැලවී තිබෙද්දී රජ්ජුරුවන් තමාගේ ගෙට නැවත ගෙනෙන්ට නුඹලා අන්තිමයන් වන්නේ මක්නිසාද?


දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?


දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.


කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය; එබැවින් ඔහුට විරුද්ධව කෲර පණිවිඩකාරයෙක් යවනු ලැබේ.


යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.


වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්