Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 2:28 - Sinhala Revised Old Version

28 එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එවිට ජෝවාබ් හොරණෑව පිම්බේ ය; මුළු සෙනඟ ද නැවතුණාහ. ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේ වත්, යුද්ධ කෙළේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එවිට ජෝවාබ් හොරණෑව පිම්බේ ය; මුළු සෙනඟ ද නැවතුණාහ. ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේ වත්, යුද්ධ කෙළේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:28
5 හුවමාරු යොමු  

යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය.


යෝවාබ්ද: දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹ කථානොකෙළහිනම් සැබවින් සෙනඟ උදයේම තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ නොගොස් හැරී යන්ට තිබුණේයයි කීවේය.


එවිට ඒ ස්ත්‍රී ඇගේ ප්‍රඥාවෙන් යුක්තව මුළු සෙනඟ ළඟට ගියාය. ඔව්හු බික්‍රිගේ පුත්‍රවූ ෂෙබාගේ හිස කපා යෝවාබ් වෙතට වීසිකළෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට ඔව්හු නුවරින් තම තමුන්ගේ කූඩාරම්වලට විසිර ගියෝය. යෝවාබ්ද යෙරුසලමට රජු වෙතට හැරී ආවේය.


තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.


යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්