එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
2 රාජාවලිය 23:24 - Sinhala Revised Old Version තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යූදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය. Sinhala New Revised Version තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය. Sinhala New Revised Version 2018 තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය. |
එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,
තමාගේ පියා හැසුරුණ මුළු මාර්ගයෙහිම හැසිර, තමාගේ පියා සේවයකළ දේව රූපවලට සේවයකරමින් ඒවාට නමස්කාරකෙළේය.
තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.
ඒ පාස්කුව ස්වාමීන්වහන්සේ උදෙසා යෙරුසලමේ පවත්වනලද්දේ යොෂියා රජුගේ දහඅටවෙනි අවුරුද්දේදීය.
මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.
මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.
ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.
කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.
නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.
පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.
මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.