Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 17:5 - Sinhala Revised Old Version

5 මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේ ය. ඔහු ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද සාදා තමාට පූජකයෙකු ව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේ ය. ඔහු ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද සාදා තමාට පූජකයෙකු ව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 17:5
24 හුවමාරු යොමු  

එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.


ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.


එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.


ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.


ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.


දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයවූ විනිශ්චයේ ළය වැස්මක් ඒඵොද් සැට්ටයේ වැඩ වාගේ සාදන්න; රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද ඒක සාදන්න.


තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.


තවද ඉශ්‍රායෙල් තමාගේ මැවුම්කාරයා මතකනැතිකොට, මාළිගා ගොඩනගාගන සිටී; යූදාද බලකොටු නුවරවල් වැඩිකරගන සිටී. නුමුත් මම ඔහුගේ නුවරවලට ගින්නක් යවන්නෙමි, එයින් එහි මාළිගා දාලායනවා ඇත.


තවද කෝරෙෂ් රජ නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් ගෙනවුත් තමාගේ දෙවියන්ගේ ගෘහයෙහි තබනලද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ පිටතට ගෙන්නෙවුවේය.


ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.


අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.


ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. නුඹේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


ඔහු ඒ මුදල නැවත තමාගේ මවුට දුන් කල ඔහුගේ මවු රිදී දෙසියයක් රැගෙන කම්කරුවාට දුන්නාය, ඔහු එයින් කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මීකාගේ ගෙයි තිබුණේය.


දාන් පුත්‍රයෝ කැපූ රූපය පිහිටුවාගත්තෝය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ යොනාතාන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් වාලට ගිය දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය.


වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.


බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය.


මීඛල් තෙරඵීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ ඉස යට එළු ලොම් කොට්ටයක් තබා, ඒක රෙදිවලින් වැසුවාය.


තවද යූදාහි පවත්වන මංගල්‍යය මෙන් යෙරොබොවම් අටවෙනි මාසයේ පසළොස්වෙනි දා මංගල්‍යයක් නියමකොට පූජාසනය පිට පූජා ඔප්පුකෙළේය; ඔහු බෙතෙල්හිදීත් එසේම කරමින් තමා සෑදූ වස්සන්ට පූජාකෙළේය. තමා සෑදූ උස් තැන්වල පූජකයන් ඔහු බෙතෙල්හි සිටෙවුවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: කිරීටය ගළවාදමන්න, ඔටුන්න අහක්කරන්න. මෙය තිබුණ අන්දමටම නොවන්නේය. පහත් දේ උසස්කරන්න, උසස් දේ පහත් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්