Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 23:25 - Sinhala Revised Old Version

25 මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 23:25
14 හුවමාරු යොමු  

ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය.


නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.


මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.


තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.


ඔවුන් වාලට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේදී තමුන්ගේ මුළු සිතින් ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගු ගෘහයද දෙස බලා ඔබට යාච්ඤා කළොත්,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.


මෝසෙස් නුඹලාට ව්‍යවස්ථාව දුන්නා නොවේද? එහෙත් නුඹලාගෙන් කිසිවෙක් ව්‍යවස්ථාව නොපවත්වයි. මා මරන්ට සොයන්නේ මක්නිසාදැයි කීසේක.


මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.


තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,


මක්නිසාද හිත්තීය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය.


මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.


එහෙත් එතන සිට නුඹලා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයමින් නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන්වහන්සේ නුඹට සම්බවනසේක.


නුඹ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් නුඹට රජකම්කරන්ට ලැබේද? නුඹේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය.


දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්නා හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්