තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.
2 රාජාවලිය 17:17 - Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, ස්වාමීන්වහන්සේ උදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය. Sinhala New Revised Version ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. Sinhala New Revised Version 2018 ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. |
තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.
ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.
(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.
ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිර, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ ජාතීන්ගේ පිළිකුල් භාවිතා ලෙස තමාගේ පුත්‍රයා ගිනිමැඳින් යවා පූජාකෙළේය.
ඔවුන් ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ ගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය; ස්වාමීන්වහන්සේට උදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය.
අව්විවරු නිබ්හස්ද තර්තාක්ද යන දෙවිවරුන් සෑදුවෝය, සෙපර්විවරුද සෙපර්වයිමේ දෙවිවරුන්වූ අද්‍රම් මෙලෙක් සහ අනම්මෙලෙක් සඳහා තමුන්ගේ දරුවන් ගින්නෙන් දැවුවෝය.
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.
ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.
ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.
නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි නුඹලාට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.
තවද ඔවුන් තමුන්ගේ පුත්‍රයන් බාල්ට දවන පූජා කොට ගින්නෙහි පුලුස්සන පිණිස බාල්ට උස්තැන් ගොඩනගා තිබේ. මා එය අණකළේවත් කීවේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.
නුමුත් නුඹලාට අනතුරු පැමිණෙන ලෙස නුඹලාගේ අත්වැඩවලින් මා කෝපකරවන හැටියට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින්: නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි නුඹලාට කියන නුඹලාගේ අනාගතවක්තෘවරුන්ටද නුඹලාගේ පේනකියන්නන්ටද නුඹලාගේ ස්වප්නවලටද නුඹලාගේ මායම්කාරයන්ටද නුඹලාගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න.
ඔවුන් තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගින්නෙහි දවන පිණිස හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන තෝපෙත්හි උස් තැන් ගොඩනැගුවෝය; එය මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට පැමුණුණේවත් නැත.
නුඹ මාගේ දරුවන් ගින්නට කැපකොට ඔවුන් ඒවාට මරාදුන්නේ නුඹේ වේශ්‍යාකම් සුළු කාරණයක්වූ නිසාද?
තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි.
නුඹලාගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීමෙන් නුඹලාගේ පඬුරු ඔප්පුකරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේවරූප කරණකොටගෙන කිලුටුවන්නහුද? එබැවින් ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා විසින් විභාගකරනු ලබම්ද? මා ජීවමාන බව සැබෑවා සේම මම නුඹලා විසින් විභාගකරනු නොලබන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය, ලේ ඔවුන්ගේ අත්වල තිබේ, තමුන්ගේ පිළිම සමඟ ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය; ඔව්හු මා නිසා බිහිකළ පුත්‍රයන්ද ගින්නෙහි විනාශවෙන්ට ඒවාට කැපකළෝය.
ඔව්හු තමුන්ගේ පිළිමවලට තමුන්ගේ පුත්‍රයන් මරා දුන්නායින් පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසන ලෙස එම දවසේම ඊට ඇතුල්වූවෝය. එසේය, මාගේ ගෘහය මැද ඔව්හු මෙසේ කළෝය.
නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.
ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය.
මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.
ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය.
නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,