Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 33:6 - Sinhala Revised Old Version

6 ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 33:6
24 හුවමාරු යොමු  

ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.


ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.


ආත්ම බන්ධනකාරයන් දෙසටත් ශාස්ත්‍රකාරයන් දෙසටත් හැරී ඔවුන් පස්සේ වේශ්‍යාකමට යන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි.


ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹලා ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න.


නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.


ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි නුඹලාට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.


ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂානොකෙරීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධවකළ වරද නිසාත් ස්වාමීන්වහන්සේගෙන් නොවිචාරා ආත්ම බන්ධනකාරියෙකුගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේය.


රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;


ඔව්හු තමුන්ගේ පිළිමවලට තමුන්ගේ පුත්‍රයන් මරා දුන්නායින් පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසන ලෙස එම දවසේම ඊට ඇතුල්වූවෝය. එසේය, මාගේ ගෘහය මැද ඔව්හු මෙසේ කළෝය.


මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය, ලේ ඔවුන්ගේ අත්වල තිබේ, තමුන්ගේ පිළිම සමඟ ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය; ඔව්හු මා නිසා බිහිකළ පුත්‍රයන්ද ගින්නෙහි විනාශවෙන්ට ඒවාට කැපකළෝය.


මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.


තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යූදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය.


කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, ස්වාමීන්වහන්සේ උදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය.


මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.


ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.


නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් හෝ තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කවරෙකු නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය; දේශයේ වැසියෝ ඔහුට ගල්ගසත්වා.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.


ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්