ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
2 තෙසලෝනික 2:2 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමුව. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේගේ දවස දැනටම පැමිණ ඇතැයි දන්වමින්, යම් දිවැසි වැකියකින්, යම් පණිවුඩයකින් හෝ අප වෙතින් ආවේ යැයි කියන යම් ලිපියකින් හෝ වහා සසල නො වන ලෙසත්, තැති නො ගන්නා ලෙසත් ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. |
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.
සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.
මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.
යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක.
මේ කාලයේ තිබෙන විපත්තිය නිසා මේක යහපතැයි සිතමි, එනම්, මනුෂ්‍යයෙකුට ඔහු සිටින ලෙසම සිටීම හොඳය.
හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව.
මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය.
එබැවින්, සහෝදරයෙනි, නුඹලා ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ නුඹලාට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.
එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.