Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තෙසලෝනික 3:17 - Sinhala Revised Old Version

17 පාවුල් යන මාගේම අතින් ලියන ආචාරකිරීමය, ඒ වනාහි සියලු ලියුම්වලට ලකුණය; එසේ ලියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 පාවුල් වන මම මගේම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියකම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තෙසලෝනික 3:17
7 හුවමාරු යොමු  

පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.


ඒ ඉවසීම වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක්විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුස්සෝයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය.


පාවුල් නම්වූ මාගේම අතින් ලියන ආචාරයය. මාගේ බැඳුම් සිහිකරන්න. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.


ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, නුඹේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.


ඉතින් මා නුඹලාට කරුණාකළ බැවින් නුඹලාත් මාගේ පියාගේ පවුලට කරුණාකරමින් මාගේ පියාද මවුද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂාකොට


මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට ආචාරකරමි.


ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්