Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 1:8 - Sinhala Revised Old Version

8 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොරව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වාම ඔබ දරා සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 1:8
29 හුවමාරු යොමු  

මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.


ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.


නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.


නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.


තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.


ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,


එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.


උතුම්වූ දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්,


ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.


අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.


එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.


ඉදින් නුඹලා සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය.


මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.


අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම නුඹලාත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.


ආත්මය ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.


මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.


මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය.


මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි.


එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.


එසේය, නුඹලා කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව, නුඹලා කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.


නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.


මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය.


ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමුව.


ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.


(ඒ දවසේදී ඔහුට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන්වහන්සේ සලස්වනසේක්වා.) ඔහු එපීසයෙහිදී කොපමණ දේවලින් සේවයකළේද කියා නුඹ හොඳහැටි දන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්